There are no translations available.
ඊයේ සවස හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් වව්නියාව, මැණික්ෆාම් සුබ සාධන මධ්‍යස්ථානය ආශ‍්‍රිත ප‍්‍රදේශයට දැඩි හානි එල්ල වී තිබෙනවා. සුළං තත්ත්වයේ බලපෑමෙන් තාවකාලික නිවාස 500 කට පමණ හානි සිදුව ඇති බව වාර්තා වනවා.
සුළං තත්ත්වය නිසා පුද්ගලයින් 15 දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් සෙට්ටිකුළම රෝහලට ඇතුළත් කළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඇති තිබෙන තත්ත්වය හමුවේ නිවාසවල ජීවත් වන ජනතාව දැඩි අපහසුතාවයන්ට මුහුණ දී ඇතැයි වාර්තා වනවා.







